Monday 25th of May 2026

English Tamil
Advertiesment


ප්‍රකාශ ලබා ගැනීමට පෙර පැමිණිල්ලේ අන්තර්ගතය දැන්වීමට පොලිසියට චක්‍රලේඛයක්


2025-07-04 14904

 

කිසියම් පැමිණිල්ලකට අදාළව à¶šà¶§ උත්තරයක් ලබා ගැනීම සඳහා පුද්ගලයකු කැඳ වන විට එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව එම පුද්ගලයා දැනුවත් à¶šà·… යුතු ආකාරය දැක්වෙන à¶ à¶šà·Š‍රලේඛයක් සකස් à¶šà¶» එම à¶ à¶šà·Š‍රලේඛය දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා විසින් කටයුතු à¶šà¶» තිබෙන à¶¶à·€ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

බල ශක්ති විශේෂඥයෙකු වන විදුර රැළපනාව විසින් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරුණා.

මෙම පෙත්සම à¶…à¶ à¶½ වෙංගප්පුලි සහ සම්පත් විජයරත්න යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ à¶…à¶­à¶» à¶´à·™à¶­à·Šà·ƒà¶¸à·Šà¶šà¶»à·” කියා සිටින්නේ තමන් විසින් සමාජ මාධ්‍යයේ à¶´à·… à¶šà·… අදහසක් සම්බන්ධයෙන් à¶´à·Š‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය à¶¶à·€ සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරියෙකු විසින් දුරකථන මාර්ගයෙන් දැනුම් බවයි.

පසුව තමාට එරෙහිව තිබෙන පැමිණිල්ල කුමක්ද සහ à¶‘à·„à·’ අන්තර්ගත කරුණු මොනවාදැයි තමන් අදාළ පොලිස් නිලධාරියාගෙන් විමසා සිටි බවත්, à¶Šà¶§ පිළිතුරු ලබාදීම වග උත්තරකාර පොලිස් නිලධාරීන් à¶´à·Š‍රතික්ෂේප à¶šà·… බවත්, පෙත්සම්කරු චෝදනා කරනවා.

එසේ තොරතුරු ලබා නොදීම මගින් වග උත්තරකාර පොලිස් නිලධාරින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් මීට පෙර අධිකරණය හමුවේ පෙනී සිට ලබා දුන් à¶´à·Š‍රතිඥාවකට අනුව අදාළ à¶ à¶šà·Š‍රලේඛය සකස්කර දිවයිනේ පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට කටයුතු à¶šà¶» තිබෙන බවයි.

මෙම දැනුම් දීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත්, à¶’ අනුව පෙත්සම් විභාගය අවසන් à¶šà·… හැකි බවත්, පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් à¶…à¶­à¶» à¶’ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක තිසර, එම අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

 
-Hiru News-

 

Advertiesment